මාරක අනතුරු හයකින් හයක් මරුට
- 6 11 2025
- 09:27
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ විවිධ ස්ථානයන්හි සිදු වූ මාරක අනතුරු හයකින් පුද්ගලයන් 6ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
පෑලියගොඩ පොලිස් වසම - 2025.11.05 වන දින රාත්‍රී කාලයේ පෑලියගොඩ පොලිස් වසමේ තොරණ හන්දිය තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියක වත්තල සිට තොරණ හන්දිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
හිඟුරක්ගොඩ පොලිස් වසම - 2025.11.05 වන දින අළුයම් කාලයේ හිඟුරක්ගොඩ පොලිස් වසමේ පන්සල්ගොඩැල්ල තල්පොත මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේදී පන්සල්ගොඩැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ගල්අමුණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 28 ක් වූ හිඟුරක්දමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
වාරියපොල පොලිස් වසම - 2025.11.05 වන දින උදෑසන කාලයේ වාරියපොල පොලිස් වසමේ අනුරාධපුර පාදෙණිය මාර්ගයේ කුඹුක්ගහමුල හන්දිය ආසන්නයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී පසුපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු වාරියපොල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත. මරණකරු වයස අවුරුදු 30 ක් වූ මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බියගම පොලිස් වසම - 2025.11.05 වන දින උදෑසන කාලයේ බියගම පොලිස් වසමේ කැලණිය බියගම මාර්ගයේ රග්ගහවත්ත ප්‍රදේශයේදී බියගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව අසල සංඥා කණුව ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බියගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 25 ක් වූ මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මැදවච්චිය පොලිස් වසම - 2025.11.05 වන දින රාත්‍රී කාලයේ මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය හොරව්පතාන මාර්ගයේ මැදවච්චිය ප්‍රදේශයේදී මැදවච්චිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අයිනේ සිටි පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 34 ක් වූ උල්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
හෝමාගම පොලිස් වසම - 2025.11.05 වන දින රාත්‍රී කාලයේ හෝමාගම පොලිස් වසමේ වලව්ව හන්දිය උණපඳුර හන්දිය අතුරු මාර්ගයේ නගරසීමා මාවත අසලදී උණපඳුර හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 17 ක් වූ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරෙයේ තැන්පත් කර ඇති අතර හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

