2020 වසරේදී ලංකා ධීවර සංස්ථාව වෙත පැයකට මාළු කිලෝ 2,000ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි ධාරිතාවයකින් යුත් වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ධව ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මිලදී ගැනීමෙන් රජයට රුපියල් 5,856,116 ක පාඩුවක් සිදුකර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු සභාපතිවරයෙකු වූ ලලිත් දවුලගල, කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු වූ චන්දන ක්‍රිෂාන්ත, සැපයුම් කළමණාකරුවෙකු වූ විජිත් පුෂ්පකුමාර, මෙහෙයුම් කළමණාකරුවෙකු වූ අනුර චන්ද්‍රසේන බංඩාර යන අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.