ජනපති අනුර කුමාර දිසානායක මහතා ලබන 07දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය හරහා නව බදු පැනවීමක් සිදු නොවන බවට ජනපතිවරයාම සඳහන් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි අමාත්‍යවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය. එසේම සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය අංශ වෙනුවෙන් මුදල් වෙන්කෙරෙනු ඇත් බවත් ඔහු පැවැසිය.
තවත් මාස දෙකකින් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වන බවත් ඉන් අනතුරුව 2027දිත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.