අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ලිංගික කටයුතු වෙනුවෙන් කාන්තාවන් හා දරුවන්ගේ දැන්විම් පළකළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ හිමිකරු ලබන මස 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බි.ආර්.නෙළුම්දෙණිය මහතා අද නියෝග කළේය.
මේ වසරේ පැවැත්වීම නියමිත 20-20 ලෝක කුසලානය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කරන්නේ නම් එය සතුටට කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් අතර, 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ වනු ඇති බව කියයි.
Read Moreදරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ... අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් .... ඔක්තෝබර් 01 නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට ... නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 අළුයම 4.00 දක්වා ...
Read Moreවයින් ස්ටොර්ස් හා බීර කෑන් හා බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව එම ස්ථාන අද (17දා) සිට සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට අවසර හිමිවෙයි.
Read Moreලබන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම දින දෙකක් පමණක් පැවැත්වීමට අද (17) රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
Read More2021 විස්සයි 20 ලෝක කුසලානය සංචිතයට අතුලත්ව සිට ආබාදයට ලක්ව ඇති ලහිරු මධුසංඛ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට මිනෝද් භානුක කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.
Read Moreහෙට උදෑසන 7.30 තෙක් වලංගු වන ආකාරයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඑන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිම නොකළහොත් ජිවිත අවදානම ඉහළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read More16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.මේ අතර 16 හැවිරිදි මෙහෙකාර දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඇයගේ පියා ඇප මත මුදාහැර තිබේ.
Read Moreආණ්ඩුව ඊයේ (සැප්. 16) රු. මිලියන 27,808 ක් මුද්‍රණය කර ඇති බවත් එය පෙරේදා (15දා) දිනය හා සැසඳීමේ දෙගුණය වැඩිවීමක් බවත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්තිතෙන්නකෝ මහතා පවසයි.
Read Moreමුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි දේශපාලකයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරිම නීතියට පටහැනි බැවින් ඔහු එම තනතුරේ කටයුතු කිරිම වළක්වාලන අතුරු ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමන් දකුණු පළාතේ හා මධ්‍යම පළාතේද හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ගොනුකළ රිට් පෙත්සමක් ඉදිරි සතිය තුළදි මුලික කරුණු විමසුම සඳහා අභියාචනාධිකරණය හමුවේ කැදවිමට නියමිතව ඇත.
Read Moreවයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
Read Moreදරුවන් ගැන සිතා වර්ජන ක්‍රියාමාර්ග අතහැර විභාග කටයුතු සඳහා සහාය දක්වමින් ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි සමාජයේ බොහෝ දෙනා ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreචීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත තොගය මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreවිස්සයි විසිදෙක අය වැය වැඩියෙන්ම වෙන්වෙලා තියෙන්නේ නව ජීවන උත්පාදන සංවර්ධන වැඩසටහන්වලට බවත් මේ අවස්ථාවේදී කතා කල යුත්තේ ඇවිදින මංතීරු සෑදීමට නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද(17 ) පැවසීය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ ආරක්ෂක අවදානමක් ඇති බවට පැතිරයන කටකතා මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreදිවයිනම ආවරණය වන පරිදි සියලු පොලිස් සිථාන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මත්ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමේදී සැකකරුවන් 1,538 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරිමට උපයෝගි කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසික් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
Read Moreරාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිනිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreතවදුරටත් දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. මේ වනවිට සෑබෑවටම බිම් මට්ටමේ රෝගීන්ගේ අඩුවක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියි.
Read More[LONG READS] තලේබාන් දේශපාලනයට පෙර ඇෆ්ගනිස්තානයේ දේශපාලනය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන ප්‍රධාන දේශපාලන චරිත පහකි. එනම්, මොහොමඩ් සහීර් ෂා, මොහොමඩ් ඩාවුඩ් ඛාන්, මීර් අක්බර් කයිබර්, නූර් මුහම්මද් තාරකි, සහ හෆීසුල්ලා අමීන් ය.
Read Moreඊයේ පුද්ගලයින් 94,651 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබා දි තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමක් අද පැවැත්වෙනවා.
Read Moreමාර්ගගත ක්‍රමය ඔස්සේ දැනටමත් ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිටින පාසැල් ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පුද්ගලයෙකු විසින් කුම ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුව හොත් එම පුද්ගලයින්ට එරෙහිව සෘජුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, 119 හො ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreවිදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවත් විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය තවදුරටත් සිදු කළ නො හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreබන්ධනාගාර ඇමතිවරයා ලෙස තමන් බන්ධනාගාර දියුණු කිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කළ බවත් එවැනි වැඩ කළ තමන්ට දැන් එල්ලවන චෝදනා වැනි “මෝඩ වැඩක් කරවි යැයි විශ්වාසකරන්නේ දැයි” හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
Read Moreමාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා පසු ඉවත් කරන්නේද නැද්ද යන්න අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදි තිරණය කිරිමට නියමිතය.
Read More