කොරෝනා වසංගතය හමුවේ ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යාම හේතුවෙන් සිදුවන අලාභය වළක්වා ගැනීම සඳහා බස් ගාස්තු ඉහළ දැමූවත් එම කොන්දේසි කඩ කරමින් මගින් ප්‍රවාහනය කරන බවට දිනෙන් දින පැමිණිලි ලැබෙන බැවින් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් හෝ වෙනත් විකල්පයක් කරා යොමු වීමට සිදු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය .
මහනුවර හාරගම ප්‍රදේශයේ දී ඊයේ (23දා) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
ආසන ප්‍රමාණයට මගින් ගෙන යාමේ කොන්දේසි ග්‍රාමීය මට්ටමෙන් බහුල වශයෙන් උල්ලංඝණය වන බවට වාර්ථා වෙනවා . මෙම තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් ඉදිරි සතියේ දී අදාළ ගාස්තු සංශෝධනය ගෙන ඒමට පියවර ගන්නවා .
වසංගත තත්වය හේතුවෙන් මගි ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීම සිදු කළේ ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යා යුතුය යන මූලික කොන්දේසි යටතේයි . නමුත් පෞද්ගලික ප්‍රවාහන සේවාව ප්‍රමාණය ඉක්මවා මගින් ප්‍රවාහනය කිරීම දිගින් දිගටම සිදුවෙනවා . පෞද්ගලික බස් රථ සඳහා සැලකිය යුතු බස් ගාස්තු ඉහළ දැමීමක් කළේ ආසන ප්‍රමාණයට පමණක් මගින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් සිදුවන අලාභය වළක්වා ගැනීමටයි . නමුත් එම බස් බස් රථ අධික ලෙස මගින් ගෙන ගොස් ලාභ ලැබීමට උත්සාහ කිරීම තුළින් සිදුවන්නේ කෝවිඩ් වසංගත ව්‍යාප්තිය වැඩි කිරීමට දායක වීම බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .
ෂේන් සෙනෙවිරත්න