හෝමාගම මූලික රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා වෙන්කර තිබෙන වාට්ටු දෙකම මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතින බව වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
අංක 06 සහ 10 වාට්ටු දෙක රෝගීන් සඳහා වෙන් කර තිබෙන අතර එහි තිබෙන ඇඳන් ප්‍රමාණය 75ක් වුවත් මේ වන විට රෝගීන් 81 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ගෙවුණු දින කීහිපයේදී රෝගීන්ගේ සීඝ්‍ර වැඩි වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.