අද දිනයේදී පැයක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංවිම ඉංජිනේරු සංගමය කියයි. විදුලිය නිපදවීම වෙනුවෙන් ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා මෙම විදුලි කප්පාදුව සිදුවෙයි.
අදියර 4ක් යටතේ පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා මෙම විදුලිය කප්පාදුව සිදු කෙරේ.
මේ අතර හෙට දිනයේදී පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බවද වාර්තා වෙයි. එසේම විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවිතෙල් පිළිබඳව සාකච්ඡාවක්ද අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර විදුලි අර්බුදය පිළිබඳව සාකච්ඡාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙමින් පවතින බවද වාර්තා වෙයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය නිපදවන ජලාශ වල ජල මට්ටමද සීඝ්රයෙන් පහළ යමින් පවතී.