බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජ මහා විහාරාධිපති අපවත් වෙති
මීරිගම බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජ මහා පිරිවෙන් විහාරාධිපති, කඩිගමුවේ පේමානන්ද මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය මහෝපාධ්‍යාය, හාපිටිගම් කොරලේ ප්‍රධාන සංඝ නායක නාහිමියෝ අද (25දා) අපවත්වී වදාළහ.
මීරිගම ප්‍රදේශයේ වැඩ විසූ ප්‍රධාන පෙලේ මහා සංඝයා වහන්සේ අතර මුල් තැන ගත් උන්වහන්සේ අපවත්වන විට 74 වැනි වියේ පසුවිය. නාහිමිපාණන්ගේ පැවිදි දිවිය වසර 58 කි. .
මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේද විවිධ තනතුරු දරමින් 1992 දී විහාරාධිපති පදවියට පත්වූ පේමානන්ද හිමියෝ 1993 දී හාපිටිගම් කෝරලේ ප්‍රධා සංඝ නායක පදවියට පත් කෙරුනේ උන්වහන්සේගෙන් සිදුවූ ආගමික, ශාසනික සේවය අගයමිනි. 2009 මැයි 30 වැනිදා මහෝපාධ්‍යාය පදවියේද උන් වහන්සේ පිදුම් ලැබූහ. පේමානන්ද නාහිමියෝ තවත් විහාරස්ථාන රැසක අධිපති පදවියද දැරෑහ. කෙටි කළක් රෝගාතුරව සිටි නාහිමියෝ අද පෙරවරුවේ අපවත්වී වදාලේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මීරිගම කාන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

