රට තුළ විදුලි අර්බුදයක් තිබියදී සීතාවක ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පාදුක්ක නගරයේ සහ ඉන් පිටත මාර්ගවල පෙරවරු කාලය තුළ වීථි පහන් දැල්වෙමින් තිබූ අයුරු අද (24දා) දැකගත හැකි විය.
පාදුක්ක ඉංගිරිය මාර්ගයේ අරුක්වත්ත ප්‍රදේශයේත්, පුස්වැලි මාවත ආරම්භයේත්, ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල,පැරණි සති පොළ ආසන්නයේත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේත් ඇතුළු ස්ථාන කිහිපයක මෙලෙස වීථි පහන් දැල්වෙමින් තිබිණි.
පාදුක්ක. ඩී. එන්. රෙක්සි