බුර්කිනා ෆාසෝ පාලනය හමුදාව යටතට පත්වෙයි
බුර්කිනා ෆාසෝගේ හමුදාව රටේ පාලනය තමන් අතට ගත් බවත්, ජනාධිපති රොච් කබෝර් බලයෙන් පහ කර, රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ව්‍යවස්ථාව අත්හිටුවීම සහ එහි දේශසීමා වසා දැමූ බවත් පවසයි.
රාජ්‍ය රූපවාහිනිය හරහා ජාතිය අමතමින් කපිතාන් සිඩ්සෝර් කාදර් ඔවුඩ්රෝගෝ විසින් හමුදා කුමන්ත්‍රණය නිවේදනය කරන ලද අතර, රටෙහි පවතින "ආරක්ෂක තත්ත්වයේ පවතින පරිහානියට" සහ ජනගහනය එක්සත් කිරීමට "ආණ්ඩුවට ඇති නොහැකියාවට" ප්‍රතිචාර වශයෙන් හමුදාව බලය අල්ලා ගත් බව පැවසීය.
ඔවුන්ගේ නව නායකයා ලෙස බුර්කිනා ෆාසෝ ජනතාවට හඳුන්වා දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වූ ලුතිනන් කර්නල් පෝල් හෙන්රි දමිබාද එහිදී දැකගත හැකිවිය.
රොයිටර් පුවත් සේවයට අනුව එරට අගනුවර ආරක්ෂාව සඳහා වගකිව යුතු රටේ තුන්වැනි හමුදා කලාපයේ අණදෙන නිලධාරියා ලෙස බලයෙන් පහ කෙරුණු ජනපති කබෝර් විසින් දෙසැම්බර් මාසයේදී හෙන්රි දමිබා උසස් කරන ලදී. ඔහු පැරිසියේ හමුදා ඇකඩමියක අධ්‍යාපනය ලැබූ අතර මෑතකදී "බටහිර අප්‍රිකානු හමුදාවන් සහ ත්‍රස්තවාදය, අවිනිශ්චිත ප්‍රතිචාර?" නමින් පොතක්ද රචනා කළේය.
රූපවාහිනී ප්‍රකාශයේ කබෝර් සිටින තැන ගැන සඳහනක් කර නොතිබුණි. අගනුවර ජනාධිපති මන්දිරය අවට ඉරිදා ගැටුම් ඇතිවූ අවස්ථාවේ සිට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණි.


popular news
-
rocky Tuesday, 25 January 2022 06:47 AM
Eseth viya hakiya!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

