සපුගස්කන්ද තෙල් පිරිපහදුව එළැඹෙන 30 දා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇති ඩීසල් නැව ගොඩ බෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් ඉල්ලීමක් කළ බවද ඔහු පැවැසීය.