සපුගස්කන්ද හා බත්තල (බාචී) බලාගාර දෙක ඊයේ (24දා) දින සිට නවතා දැමීමට සිදුවීම නිසා අද (25දා) දින සිට විදුලි විසන්දි කිරීම සිදුකරන කාලය තවත් දීර්ඝ විය හැකි බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
පවතින තත්ත්වය නිසා ඊයේ සවස 5.30 සිට 9.30 දක්වා පැයක කාලයක් වශයෙන් ඛාණ්ඩ හතරක් යටතේ විදුලිය කප්පාදු කිරීමට සිදු වූ බව එම සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පැවසීය.
එසේම අද දිනයේදී මෙම ප්‍රමාණය ඉහළ යා හැකි බවත්, මෙම බලාගාර දෙක නවතා දැමීම නිසා මෙගාවොට් 172ක පද්ධතියට අහිමි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තව දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් බවත්, එහෙත් නොරෝච්චෝල බලාගාරයේ අක්‍රීයව පවතින යන්ත්‍රය තුළින් 28වැනිදා වනවිට විදුලිය ලබාගත හැකි බවට අනුමාණ කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණහොත් ජාතික විදුලි පද්ධතිය මෙගාවොට් තුන්සියක විදුලි ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබේ.