ටොයෝටා ලෑන්ඩ් කෘෂර් රථයක් මිලදී ගැනීම සඳහා ජපානයේ සිටින තම පාරිභෝගිකයන්ට වසර හතරක කාලයක් සිටීමට සිදුවන බව ටොයෝටා සමාගම නිවේදනය කර තිබේ.
සැපයුම් දාමයේ බිඳ වැටීමක් මේ සඳහා හේතුව වී නොමැති ඇතත් ඒ සඳහා හේතුව කුමක්දැයි සමාගම සඳහන් කර නොමැත.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට තම කර්මාන්ත ශාලා 11 නිෂ්පාදනයන් මන්ද ගාමී වී ඇති බවද සමාගම නිවේදනය කරයි.
මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කර තිබේ. ටොයෝටා ලෑන්ඩ් කෘෂර් රථය වෙනුවෙන් මේ වන විට අධික ඉල්ලුමක් නිර්මාණය වී ඇති අතර මධ්‍ය හා දිගුකාලීන වශයෙන් මෙම ඉල්ලුම සපුරාලීමට ටොයෝටා සමාගම සැලසුම් කර තිබේ.
1951 වසරේදී හඳුන්වාදුන් ටොයෝටා ලෑන්ඩ් කෘෂර් රථය සමාගමේ ඉහළින්ම අලෙවිවන වාහනයක් වෙයි. මේ දක්වා මිලියන 10කට අධික ලෑන්ඩ් කෘෂර් එකක ප්‍රමාණයක් සමාගම අලෙවි කර තිබේ.