රුසියාව යුද අභ්‍යාසයක බෝල්ටික් උණුසුම් වෙයි
රුසියානු යුද නැව් සහ ආධාරක යාත්‍රා 20ක් අභ්‍යාස පැවැත්වීම සඳහා බෝල්ටික් මුහුදේ නම් කර ඇති ප්‍රදේශවලට ඇතුළු වී ඇති බව රුසියාවේ බටහිර හමුදා දිස්ත්‍රික්කය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.
රුසියානු බෝල්ටික් බලඇණියේ නැව්, උපායශීලී කණ්ඩායම් කිහිපයකින් සමන්විත වන අතර, සබ්මැරීන් විරෝධී, ගුවන් ආරක්ෂක අභ්‍යාසයන් ආදී පුළුල් යුද අභ්‍යාසයක් මෙහිදී සිදුවන බව වාර්තා වේ.
යුක්රේනය සහ ඒ අවට ආතතීන් උත්සන්න වී ඇති බැවින් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) නැගෙනහිර යුරෝපයට අමතර නැව් සහ ප්‍රහාරක ජෙට් යානා යවා බලා සිටින මොහොතක මෙම අභ්‍යාස පැවැත්වේ.
එසේම යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා රැස්ව සිටින බැවින් නැගෙනහිර යුරෝපයට යෙදවිය හැකි පරිදි එක්සත් ජනපද භටයින් 8,500ක් පමණ සීරුවෙන් තබා ඇති බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ජනාධිපති ජෝ බිඩෙන්ගේ උපදෙස් පරිදි නියෝග යෙදවීමට සූදානමක් නිකුත් කළේය.
කෙසේ වෙතත් ඇමෙරිකාව අනතුරු අඟවා ඇති යුක්රේනයට සිදුවන බව කියන රුසියානු ආක්‍රමණය ක්‍රෙම්ලීනය ප්‍රතික්ෂේප කරයි.
කෙසේ වෙතත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ නැගෙනහිර යුරෝපයේ නේටෝ හමුදා ක්‍රියාකාරකම්වල වැඩිවීම රුසියානු හමුදාවට නොසලකා හැරිය නොහැකි බවයි.


popular news
-
Kumar Tuesday, 25 January 2022 04:54 PM
yudhabatayin lakshayak saha yudh tanki dethun siyak samga seetha rithuway yudha abyasa pawathvuwe hitler yabada ratak arkkramanaya karanna kalin. lokko thamange niveswala inna athara yudhabatayin dahakage pamana jeewitha nathiwenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

