saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6250 hours ago

LATEST

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

calendar_today 2021 ඔක් 30 - 13:37 remove_red_eye - 428  

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර සිටියි.

මෙරට ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් යොදා ගනිමින් ඉදිකළ නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

Read More

රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Read More

ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් සිල්වා මහතා කොරෝනා රෝගය වැළදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

ඊයේ දිනයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 138,004 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30දා) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙව​න තර​ගය අද දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව (30) පැවැත් වීමට නියමිතයි. තරගය සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Read More

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

Read More

ජනතාවට මේ රජය කෙරෙහි වෛරයක්, විරෝධයක් සහ කළකිරීමක් තිබෙනවා. ස්ථිර වශයෙන්ම මොන මැතිවරණය පැවැත්වුවද සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණය පැහැදිලි යැයි එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය.

Read More

රටේ ජාතික සම්පත් සුරැකීම වෙනුවෙන් ඇමැතිධුර පමණක් නොව ඕනෑම කැප කිරීමකට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (29 වැනිදා) පැවසීය.

Read More

හරිත හා කාබන් අවම සංවර්ධනය වේගවත් කිරීමට චීනයේ අධිෂ්ඨානය නොසැලෙන බවත් චීනය සිය කැපවීමට ගරු කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කරයි.

Read More

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුර සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කිරිම සම්බන්ධයෙන් සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාව සිය කනස්සල්ල ප්‍රකාශ කරයි.

Read More

එය ප්‍රංශය විසින් බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව සමග එක්සත් ජනපද ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් විරසකයක් ඇතිකර ගැනීමෙන් පසුව ඇති වූ ප්‍රථම හමුවයි.

Read More

මරණ දඩුවම නියම සිටින දෙමටගොඩ චමින්දගෙ සොහොයුරා වන රුවන් චමිල හෙවත් දෙමටගොඩ රුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

එළඹෙන නොවැම්බර් 1 වනදා සිට පළාත් අතර දුම්රිය ධාවනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසා සිටියි.

Read More

කොරෝනා වසංගතයෙන් ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබුණද, යුරෝ කලාපීය රටවල් 19 හි උද්ධමනය මෑත මාසවල ඉහළ යමින් පවතී.

Read More

මම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. මෙහෙමයි මේක අනුමත වුණේ. උසාවියට ඇවත් කියනවා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.

Read More

බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ ‍ප්‍රධාන වෛද්‍යවරයා බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන සහ එහි උපාංග අලෙවි කරමින් සිටියදී ඔහුගේ වෛද්‍ය නිල කාමරය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී තිබේ.

Read More

අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති වූ යී මහතා 2021 ඔක්තෝබර් 26 එනම් අද දින, එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ ගැසුණේය. ශ්‍රී ලංකාව තුල MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවා, ප්‍රවර්ධනය කිරීමට ඔවුහු සැලසුම් කරති.

Read More

ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.

Read More

සෞදි විදේශ අමාත්‍යාංශයද සියලුම ලෙබනන් ආනයනයන් වහාම නතර කරන බව නිවේදනය කළේය.

Read More

සම්පූර්ණ කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන සිටින ශ්‍රී ලංකිකයන් සඳහා එක්සත් රාජධානියේ සංචාරය කිරීමට අවස්ථාව හිමිවී ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටියි.

Read More

චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.

Read More

පුනර්ජනනීය බලශක්තිය හරහා මිනිපේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරෙණි. ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

Read More

2020 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව, විගණකාධිපති ඩබ්. පී. සී වික්‍රමරත්න මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.