රාගම වෛද්යස පීඨයේ සිසුන්ට සිදුකළ පහරදීම පිළිබඳව විධිමත් හා පූර්ණ පරීක්ෂනයක් සිදුකරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්යද රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
“2022.02.01 දින රාත්‍රියේ කැළණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිරිසක් ඇතුළු වී වෛද්‍ය සිසුන්ට පහරදීමක් කළ බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට මා විසින් පොලිස්පති වෙත උපදෙස් ලබාදුන් අතර ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පලාත ගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළණිය විසින් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයකට අයත් මෝටර් රථයක් හා එහි රියදුරු, සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රාගම පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම සිද්ධියට අදාල සියළු සැකකරුවන් සොයා පූර්ණ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන අතර ඊට අදාල පුද්ගල සාක්ෂි හා විද්‍යාත්මක / තාක්ෂණික සාක්ෂි ඔස්සේද පරීක්ෂණ කරනු ලැබේ.
මේ සිද්ධියට සම්බන්ධ අයවළුන් හට තරාතිරම නොබලා නීතිය ක්රිදයාත්මක කරන ලෙසට මා විසින් තවදුරටත් පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.”