ෙකොල්ලුපිටිය පොලිස් වසමේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා විදේශ ජාතික පුද්ගලයන් 09ක, විදේශ කාන්තාවන් 03ක් හා ලාංකික පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම සමාජ ශාලාව තුළ තිබී බලපත්‍ර රහිත බියර් බෝතල් 483ක්, වයින් බෝතල් 06ක්, දේශීය මත්පැන් බෝතලයක්, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 100ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ විදේශ ජාතික කාන්තාවක් වන අතර ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු රුපියල් 90000ක දඩ මුදලකට යටත්ව මුදා හැර තිබේ.
තීරු බදු රහිත දුම්වැටි ළඟ ත බාගැනීමේ වරද පිළිගත් කළමණාකරු අධිකරණය හමුවේ වරද පි ළිගැනීමෙන් අනතුරව රුපියල් 60000ක දඩ මුදලකට යටත්ව මුදා හැර තිබේ.සෙසු සැකකරුවන් හා සැකකාරියාන් විමර්ශන කටයුතුවලින් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.