ගෑස් පිපිරීමකින් 8ක් මරුට තවත් 6දෙනෙකුට තුවාලයි
- 1 02 2022
- 19:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඊසානදිග ඇල්ජීරියාවේ ගෘහස්ත ගෑස් පිපිරීමක් හේතුවෙන් ඇති වූ ගින්නකින් ළමයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස්, තවත් 6දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම පිපිරිමත් සමග ඇති වූ ගින්න ඉක්මනින් යාබද ගොඩනැගිලි තුනකට පැතිර ගිය බව එරට ගිනි නිවන සේවය පවසයි.
ඇල්ජීරියානු විදුලි හා ගෑස් සමාගම ප්රකාශ කළේ සුවඳ විලවුන් නිෂ්පාදන වැඩමුළුවක් තුළ මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
සමාජ වේදිකාවල බෙදා හරින ලද වීඩියෝ පටවලින් පෙන්නුම් කර තිබුණේ නිවාස කිහිපයක ගිනිදැල් ඇවිළෙන දසුන්ය. පසුව පිපිරීම් මාලාවක් හේතුවෙන් නිවැසියන් අතර භීතියක් ඇතිකර තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
