ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කරනූ ලැබූ සෝදිසි මෙහෙයුමකදී විදේශ මුදල් ජාවාරමේ නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු අද(02දා) අත් අඩංගුවවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.649 ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු සිය ගමන් මළු වල සූක්ෂම ලෙස සගවා ගෙන තිබූ විදේශ මුදල් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩගුවට ගත් මුදල් ප්‍රමාණය යූරෝ 46000ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලහ. මෙහි වටිනාකම ශ්‍රීලංකා රුපියල් මිලියන 11ක් පමණ වෙයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් හා මුදල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රීලංකා රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා.