ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක රහස් බංකරයක සූක්ෂම ලෙස සගවා තබන ලද රුපියල් මිලියන 04ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 04ක් සමග සැකකරවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම රහස් බංකරය යොදාගෙන අපරාධ සිදුකර අතිද යන්න පිළිබද තවදුරටත් ප්‍රශ්න කිරිම් හා විමර්ශන කටයුතු සිදුකරන බවද පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම විමර්ශනයේදි විද්‍යුත් තරාධියක් ජංගම දුරකථන 02 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හා භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම මහතාගේ උපදෙස් පරිදි පසු මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.
