වෛද්‍ය සිසුන්ට පහරදුන් 6ක් හඳුනාගනියි
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමට පැමිණි පුද්ගලයන් අතරින් පුද්ගලයන් 06ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධියට සම්බන්ධවූවන්ට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මේ සිද්ධිය පොලීසියට වාර් තා වුණේ අද අලුයමයි. පසුබිම විමර් ශනයේදි අණාවරණය වී තිබෙන්නේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක ප්රථිඵලයක් බවයි.
පහරදීමට පැමිණි මෙන්ම තුවාල ලැබූ සිසුන් පිළිබඳව විමර්ශන කරනවා. මෙයින් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් රාගම රෝහලේ පසුවෙනවා.
තවත් දෙදෙනෙක් මීගමුව රෝහලේ තවත් දෙදෙනෙක් ප්‍රතිකාර ලබනවා. ඉන් එක් අයෙක් රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙක්. ඔහු සැකකරුවෙක්.
මේ වන විට ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් 6ක් හඳුනාගෙන තිබෙනවා. රාගම පොලීසියට පැමිණ තිදෙනෙක් භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තා. මීගමුව රෝහලේ සිටි දෙදෙනාත් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඊට අමතරව සිසුන් භාරයේ සිටි පහරදීමට පැමිණි මෝටර් රථයක රියදුරාත් පොලිස් අත්අඩංගුවට ගත්තා. පහරදීමට පැමිණ සිසුන් භාරයට ගත් මෝටර් රථය රාජ්‍ය ආයතනයකට අයත් බවට අණාවරණය වී තිබෙනවා.
මේ වන විට ප්‍රකාශ 10ක් ලබාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් මීගමුව රෝහලේ සිසුවා හැරෙන්නට සෙසු පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරනවා.”
popular news
-
Samson de silva Thursday, 03 February 2022 03:10 AM
Tharaathirama nothakaa danduwam dena andama api balaa sitimu. Wihilu karanna epaa, Rohana mahaththayo.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

