saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6574 hours ago

LATEST

විදෙස්ගතවන අයට අවශ්‍ය නම් සිව්වැනි මාත්‍රාවක්

calendar_today 2022 පෙබ 17 - 10:05 remove_red_eye - 247  

විදෙස්ගත වන පුද්ගලයන්ට අවශ්‍ය නම් ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොවිඩ් එන්නතේ සිවු වැනි මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

රට පුරා ඇති කැණීම් ස්ථාන විදිමත් පරිදි පුනරුත්ථාපනය නොකිරීම සම්බන්ධව තමන්ට සතියක් තුළ විමර්ශණාත්මක වාර්තාවක් සපයන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට හා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබිනි.

Read More

CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.

Read More

සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජන ප්‍රිය නළු රංජන් රාමනායක මහතා වැලිකඩ බණ්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා බදුල්ලේදී අද (16) දා පැවසීය

Read More

ඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කෝවිඩ්-19 වැලඳුණු පුද්ගලයෙකුට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්,කෝවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.

Read More

මේ වසරේ සංචාරක ගමනාන්ත ගම්මාන 25 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. සෞභාග්‍යයා ගම්මාන ව්‍යාපෘතියේ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ එක් සංචාරක ගමනාන්ත ගම්මානයක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 100 කි.

Read More

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන මගින් විශාල හානියක් සහ වාහන වීදිවල පාවෙමින් තිබෙනු දැකිය හැකි විය.

Read More

යහපාලන කාලය තුළ මිලදි ගත් ඇතැම් දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත් එම දෝෂ සකසා කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read More

ස්විට්සර්ලන්තය තුළද එන්නත්කරණය වේගවත් කිරීම සහ බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගැනීමද මෙම නව තීරණයට හේතු වී තිබේ.

Read More

ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හෙළි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

එක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගියෙන් පෙලුණ කාන්තාවක් එයින් සුවය ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව මෙන්ම ලෝකයේ තෙවැනි පුද්ගලයා වන්නේ ඇයයි.

Read More

මෙරට මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම සම්බන්ධවලබන මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී බරපතළ ලෙස සාකච්ඡා විය හැකි බවත් එය ඉතාමත් අහිතකර ලෙස රටට බලපෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වි. කැමරා සියයකට අධික සංඛ්‍යාවක දර්ශන පරික්ෂා කළ ද වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

සුබවාදී හිතන සමාජයක් ගොඩනැගිය යුතුයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළත් මිනිසුන් හැදෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ. බිඳ වැටිච්ච සමාජයක් තුළ රටක් ගොඩ නැගීම ඵලක් නැහැ

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37 ක දුරින් යුත් කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර දැනට මෙහි වැඩ කටයුතු සියයට විසිපහක පමණ අවසන්ව පවතින බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

කෑල විශේෂයට අයත් Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල) ශාකය අවුරුදු 166කට පසු කෑගල්ලේ ගෙවත්තකින් සොයාගෙන තිබේ. මේ ශාකය තහවුරු කර ගැනීම වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා මෙන්ම, ශාක පිළිබඳ විශේෂඥයන් වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ හා ප්ර දීප් රාජතේවා යන මහත්වරුන් දායක වී තිබේ. ඒ පිළිබඳ තතු ’සොබා බදාදා’ වෙනුවෙන් භාතිය ගොපල්ලව මහතා මෙලෙස දැක්වීය.

Read More

පාදයක තුවාලයක් සහිතව ඇවිද ගැණීමට නොහැකිව කුඹුරු යායක අතරමංව සිටියදී ඊයේ (15 දා) රැගෙන ආ අලි පැටියා ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16දා) උදෑසන මරණයට පත්වූ බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.

Read More

කුරුණෑගල පොලිස් වසමේ විල්බාව වැවේ දිය නාමින් සිටි ගැහැණු ළමුන් සිව්දෙනෙකු දියේ ගිලෙමින් සිටින විට ප්‍ර දේශවාසීන් ඔවුන්ව බේරාගෙන ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි තිදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Read More

(Fact Check) අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අගයන් රටේ සමස්ත අපනයනයන් ලෙස වැරදි ලෙස වටහාගෙන ඇත අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කරුණු 2ක් ප්‍රකාශ කරන්නට යෙදිණි

Read More

සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපති ලබාදුන් උපදෙස් අනුව බව පොලිම් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින ’’ ඇරබියන් ඔරික්ස් ’’ ගව යුවලට දාව සති දෙකකට පෙර පැටවකු බිහිකර ඇති බවත්, පැටවා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන නිසාත් මව්කිරි පවා හොදින් උරාබොන නිසාත් නිදහස් සත්ව අරණ තුල මව සමග මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

Read More

කෝවිඩ් 19 වසංගතයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කළේ යැයි ජනප්‍රියත්වයට පත්ව සිටි කෑගල්ලේ උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙකු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් පසුගිය 12වැනිදා ජීවිතක්ෂයට පත්වූ බව කෑගල්ල පොලීසිය පවසයි.

Read More

පවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභියාචනාධිකරණයක් විසින් නිදහස් කර තිබේ.

Read More

කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ(15)පස්වරුවේ වීථි සංචාරය කළේය.

Read More

නගරයේ දුම්රිය ගමනාගමන පද්ධතිය හරහා දිනකට දුම්රිය 10,700ක් ධාවනය වන අතර එමඟින් ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව සහතික කෙරේ. මෙට්‍රෝ මාර්ග 10ක දුම්රිය කාර්ය බහුල වේලාවන් හිදී අවම වශයෙන් මිනිත්තු දෙකක පරතරයකින් ධාවනය වේ.

Read More

අභිරහස් ලෙස සුළු පිළිස්සිම් තුවාල ලබා මරණයට පත්ව සිටි කාන්තාවගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණය පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිට පවත්වන ලෙස පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් සම්සු රාෆික් මහතා අද(15දා) පුත්තලම මුලස්ථාන පොලිසියට නියෝග කෙරුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.