මොනරාගල පොතුවිල් පාර පුද්ගලික බෙහෙත් ශාලාවකට පැමිණි පොලිස් සැරයන්වරයෙකුට අයත් යතුරුපැදියක් ඊයේ (26දා) සවස සොරාගෙන ගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙම පොලිස් සැරයන්වරයා තම බිරිඳට ප්රතිකාර ලබාගැනීම සඳහා සිය යතුරුපැදියෙන් මොනරාගල පොතුවිල් පාරේ පිහිටි පුද්ගලික බෙහෙත් ශාලාවකට පැමිණ යතුරුපැදිය එහි ඉදිරිපිට නතරකොට ප්රතිකාරගැනීමට ගොස් ඇති අතර නැවත පැමිණ බලන විට යතුරුපැදිය තිබී නැත.
මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් දෙලක්ෂ හැත්තදහසක් පමණ වන බවත් සිද්ධිය පිළිබඳ මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක