රන්ජන් අධිකරණයට පැමිෙණයි
රන්ජන් රාමනායක මහතාගෙන්මිලියන 1000ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රි නිමල් ලන්සා මහතා විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුවට සැප්තැම්බර් මස 30 දින දක්වා කල්තැබීමට දිසාවිනිසුරු එන්.ටි. හිනටිගල මහතා අද (27දා) නියෝගකළේය.
2014 මාර්තු මස 26 දින මිගමුව ලෙයිටන් පාර්ක් පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක රැලියකදී රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්රකාශයකින් තමන්ගේ කිර්තිනාමයට සිදුවූ බව කියන අපහාසය වෙනුවෙන් වන්දි ඉල්ලා නිමල් ලන්සා මන්ත්රීවරයා විසින් මීගමුව දිසා අධිකරණයේ මෙම නඩුව පවරා ඇත.
නඩුවට ඉදිරිපත් කිරීම සදහා රන්ජන් රාමනායක මහතා අද (27දා) මිගමුව දිසා අධිකරණය වෙත වැලිකඩ බන්ධනාගාරයේ සිට දැඩිආරක්ෂක රැකවල්මැද රැගෙන එනු ලැබිය.
පැමිණිලිකාර නිමල් ලාන්සා මන්ත්රීවරයා පෞද්ගලික හේතුවක් මත අද දිනයේ අධිකරණය වෙත පැමිණ නොතිබුණි.
මිගමුව බර්ටි ඩයස්

popular news
-
ධනසේකර Friday, 27 May 2022 04:23 PM
අළුත්චන්දයක් තිබි යුතුයි තවද මහින්ද පවුලසේරම යන්න ඔිනැ ඉට පස්සේ එන අයට හොරකමි කරන්න බැහැ
Reply : 0 1
ධනසේකර Friday, 27 May 2022 04:32 PM
ඔවු රජයේ සෙවකයන්ට පඩි වැඩිකරල දුන්නට කමක් නැහැැ දුප්පත් අපට කිසිම සහනයක් නැහැැ මැදපෙරදිග ත් නැත්තමි අපේහොදම වයස ගෙවුවෙි සවුදියට අචුරුදු 25ක් එත් තව ගෙයක් දොරක් හදාගන්න බැහැ බාබෙිට නග්ගෙවල බලන් ඉන්නවා සිමෙිති නැතිව දුප්පත් අපි හැම දා දුක්විදිනවා හොද රජයක් එයි කියල හිතනවා
Reply : 0 1
sg Friday, 27 May 2022 05:54 PM
Give justice to him.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

