භුමිතෙල් හිඟ හේතුවෙන් බෝට්ටුවකින් රැකියාවකට යායුතු ධීවරයින් ඔරුවකින් මසුන් එල්ලීමට ගිය නිසා ඔරුව පෙරළී එක් අයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.
තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල ගත කර ඇති අතර එක් අයෙකු දිවිගලවා ගෙන තිබේ.
අද (27දා) උදෑසන කාත්තාන්කුඩි පොලිස් බල ප්රදේශය පාලමුනේ මුහුදේ මසුන් එල්ලීමට බෝට්ටුවේ භුමිතෙල් නොමැති නිසා සමාන්ය ඔරුවක ගිය විට සුළිසුලං හේතුවෙන් ඔරුව මහමුහුදේදී ගිලිහි එම අනතුර සිදුවු බව ධීවරයින් පවසයි.
ජීවිතක්ෂයට පත් මෙම පුද්ගලයා කල්පිටිය ප්රදේශයේ පාලමුනේ හි පදිංචි 52 හැවිරිදි දෙදරු පියෙකු බව ප්රදේශවාසින් පවසයි
කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව ටී එල් ජ්ව්ෆර්කාන්
