ආඩිගම සිපෙට්කෝ ඉන්ධන හලින් පාරිභෝගිකයින්ට ලබා දුන් ඉන්ධන හේතුවෙන් පෙට්‍රල් හා ඩිසල් වාහන සියල්ල අතරමග නැවති යාමත් සමග අද (27දා) නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය පවසයි.
ආඩිගම නගරයේ පිහිටි එකම ඉන්ධන හල වන මෙම ඉන්ධන හලින් ඊයේ (26දා) සවස සිට අද (27දා) දක්වා යතුරු පැදි, ත්‍රිරෝද රථ,ලොරි, මෝටර් රථ අතුළු වාහන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත් ඉන්ධන හේතුවෙන් අතර මග නැවති ගරාජ් වෙත ඇද ගෙන යාමට සිදුවු බවත් ඇතැම් වාහන නැවති ගිය ස්ථාන වලම දමා ඇති බව ඉන්ධන ලබා ගත් පිරිස් චෝදනා කරති.
පෙට්‍රල් වාහන හිමිකරුවන් චෝදනා කරන්නේ තමන් ඉන්ධන හලින් ලබා ගත් පෙට්‍රල් ඩිසල් වලට සමාන බවයි.එසේම ඩිසල් වාහන හිමිකරුවන් චෝදනා කරන්නේ ද තමන්ට ලබා දී ඇත්තේ ඩිසල් නොවන බවත් එය පෙට්‍රල් වලට සමාන බවය.
කෙසේ වෙතත් ඉන්ධන හලින් ඉන්ධන ලබා ගත් සියලුම වාහන අතර මග නැවති යාමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුනී.
මේ පිළිබදව ඉන්ධන හලේ කළමණාකාරිත්වය පවසා සිටින්නේ මේ සම්බන්ධව තමන් වාහන හිමිකරුවන්ට වගකිව යුතු නමුත් මෙහි වරද කර ඇත්තේ ඉන්ධන හලට ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරු හා සහයකයා බවයි.
වැඩි දුරටත් පවසා සිටි ඉන්ධන හල් කලමණාකාරිත්වය පවසා සිටියේ තමන් ඉන්ධන හලේ පෙට්‍රල් හා ඩිසල් වෙන වෙනම ටැංකි සකසා ඇති බවත් එම ටැංකි වලට ඉන්ධන වර්ග දෙක මාරු කරමින් ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරු හා සහයකයා විසින් බෑම සිදු කිරීමත් සමග මෙම තත්වය මතුව ඇති බවයි.
එසේම ඉන්ධන හල් කළමණාකාරිත්ව පවසා සිටියේ තම ඉන්ධන හලින් ඉන්ධන ලබා ගෙන අසිරුතාවයට පත්වු සියලු දෙනාට නැවත අදාල ඉන්ධන කඩිනමින් ලබා දිමටත් අබලන් වු වාහන සදහා අදාල සහනයක් ලබා දිමටත් කටයුතු කරන බවයි.
මෙම ඉන්ධන හලට අද (27දා) දහවල් වන විට පැමිණි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක සෝමරත්න මහතා විසින් අදාල ඉන්ධන හලේ ඉන්ධන සාම්පල් ලබා ගැනිමේන් පසු අදාල ඉන්ධන මනු මුද්‍රා තැබිමට කටයුතු කෙරුණී.
මෙහිදි ප්‍රාදේශීය පරිපාලක වරයා පවසා සිටියේ මෙම ඉන්ධන හලින් පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා ගැනිමෙන් පසු ඇතිවි තිබෙන තත්වය පිලිබදව කඩිනමින් සොයා බලන බවත් මේ වන විට ඉන්ධන හලේ ඉන්ධන නියඳි ලබා ගෙන පරික්ෂණාගාර වෙත යොමු කර අදාල පරික්ෂණ නිම වන තුරු ඉන්ධන හල මුද්‍රා තැබිමට කටයුතු කරන බවත්, අසිරුතාවන්ට ලක්වු පිරිසට කඩිනමින් අදාල සහන ලබා දීමට ඉන්ධන හල බැදි සිටින බවය.



