කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී මෝටර් රථයට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
පසුගිය (09දා) රටපුරා ඇති වු සිදුවීම අතරතුර කොට්ටාව අධිවේගී පිවිසුමේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාකුඹුර ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයකු හා හොරණ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.