ජාතික ආගමික ශාසනික මෙහෙවරක් ඉටුකළ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මාතර කිතලගම සිරි සීලාලංකාර දිඹුලාගල නායක මහනාහිමියන් කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කර විසිහත් වසරක් සපිරීම නිමිත්තෙන් නාහිමි ගුණ සමරුව ඊයේ (26දා) සවස් වරුවේ පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්විණි.
මෙහිදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිකර ඇති උන්වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම දිඹුලාගල මහ සඟරුවන විසින් සිදුකල අතර මීට ගිහි පිරිස ද සහභාගි වූහ.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව මගින් මෙය සංවිධානය කර තිබූ අතර වර්තමාන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙහි කටයුතු සිදු කෙරිණි.