saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6080 hours ago

LATEST

වාහන තදබදය බලන්න ඇමති සරත් යයි

calendar_today 2021 දෙසැ 09 - 17:17 remove_red_eye - 855  

කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිගේ උපදෙසින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද දින(09) කොළඹ නගරෙයේ ස්ථාන කිහිපයකන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියාල්කොට්හිදී සිදු වූ අමානුෂික පහරදීමකින් ශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා එම කර්මාන්තශාලාවේ සේවකයන් 345 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

Read More

2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 11 වනදා පැවැත්වීමට අද (09) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, තීරණය කර ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවේ ප්‍රකාශ කළේය.

Read More

කර්මාන්ත පරිශ්‍රයේ උර්දු භාෂාවෙන් ලියා අලවා තිබූ පෝස්ටර් වල තිබුණ දේ පිළිබඳව පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන මහතා දැනගෙන නොසිටි බව ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය තුළ කැළණි ගඟ අපවිත්‍ර කරන ස්ථාන 1374ක් හඳුනාගෙන තිබෙනවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ගැටලු කිහිපයක් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන් Kandy Warriors කණ්ඩායම විසින් සිය සංචිතයට ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කර තිබේ.

Read More

ජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත , බ්‍රසීල ජාතික තරුණියක් , ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී 12/09 දින උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන , ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාව අද රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.

Read More

තරග 7ක් අවසානයේ LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්වී ඇත.

Read More

මේ වන විට බිත්තර සිල්ලර මිල රුපියල් 30කට ආසන්න වී ඇති බවත් බිත්තර තොග මිල රු. 27ට වඩා ඉහළ ගොස් ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

Read More

වයඹ පළාත් නව ආණ්ඩුකාර වශයෙන් අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කළ බව ජනපති ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා නිවේදනය කරයි.

Read More

දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවා ඇති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’’ හමුවේ ප්‍රකාශ කළේය

Read More

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළකාලන්නයි ඉල්ලමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 27 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

Read More

කටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලංකන් ’’ සෙරෙන්ඩිවා ’’ විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන් පසුව පසුගිය දා විවෘත කිරීම සිදු විය

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

එක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති ලෙස අධිකරණයට අපහාස කර දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති පොදු සමාව ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක් පත් කිරීම අධිකරණයේ ගාම්භීරත්වයට මෙන්ම ස්වාධීනත්වයට ගහපු පහරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

Read More

අය වැය ලේඛනයට විරුද්ධව ඡන්ද 11ක්ද පක්ෂව ඡන්ද 06ක්ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පස් දෙනෙක්ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනෙකුද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයාද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

මෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් ලෙස මෙම වසරේ නොවැම්බර් මාසය වන විට පැවතුන බවත් එයින් ඇමරිකානු ඩොලර් මිලියන 382.2 රත්‍රන් සංචිත බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

පිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පාර්සලයක් ගිලීමෙන් මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඊයේ (8දා) තහවුරු වූ බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

චීනයේ සිට කාබනික පොහොර ශ්‍රී ලංකාවට එවූ චින්ඩාවේ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇති බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් අද (09දා) උදෑසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබූ බව එම කාන්තාව පැවසිය.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව​ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසා සිටියි

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (‍2021 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත නිලධාරින් 84 දෙනෙකු සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1684ක් අද දින (2021 දෙසැම්බර් 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.

Read More

මේක කියන්නේ බය කරන්න නෙවෙයි. අනාගත අනතුර හඳුනාගෙන ඒකෙන් ගැලවෙන්න පිළියම් හොයන්න. මේ යන විදිහට මුකුත් නොකළොත් ලබන ජනවාරි වෙනකොට අපේ විදේශ විනිමය සංචිතය සෘණ වෙන්න පුළුවන්. එහෙම වුණොත් බොහෝදේ එක පාරටම කඩා වැටේවි. ඒක හිතන්නත් අමිහිරි සිදුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසයි, මම මේ ආර්ථික අර්බුදයේ දිග පළල හැමදාම විග්‍රහ කරන්නේ.

Read More

ඉන්දීය එක්දින හා 20-20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සි​ටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.