මවට ගෞරවයක් දෙන්න ලුවිස් හැමිල්ටන් නම වෙනස් කරයි
තම මවගේ වාසගම වන ලාර්බලෙස්ටියර් යන නම ඇතුළත් වන පරිදි තම නම වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆෝමියුලා වන් ලෝක ශූර් ලුවිස් හැමිල්ටන් හෙළි කර ඇත. 2022 ඩුබායි එක්ස්පෝවේ දී අදහස් දක්වමින්, ඔහු මේ බව පැවැසීය.
“මගේ පවුලේ නම හැමිල්ටන් ගැන මට ඇත්තටම ආඩම්බරයි,” 37 හැවිරිදි ඔහු පැවසීය.
"මගේ අම්මාගේ නම ලාර්බලෙස්ටියර් බව ඔබ කිසිවෙක් නොදන්නවා විය හැකියි. මම එය මගේ නමට දැමීමට සූදානම්. විවාහ වූ විට කාන්තාවට ඔවුන්ගේ නම අහිමි වෙන අදහස ගැන මට තෙරෙන්නේ නෑ.” යැයි ඔහු පවසයි.
හැමිල්ටන්ගේ වැදූ මව වන කාර්මෙන් ලාර්බලෙස්ටියර් හැමිල්ටන් අවුරුදු 2ක් වන විට ඔහුගේ පියා වන ඇන්තනී හැමිල්ටන්ගෙන් වෙන්ව තිබේ.
හැමිල්ටන් වැඩි වශයෙන් හැදී වැඩුණේ ඔහුගේ පියා සහ සුළු මව වන ලින්ඩා සමඟයි.
හැමිල්ටන් තම වැදූ මව වන කාර්මෙන් ලාර්බලෙස්ටියර් සමග


හැමිල්ටන්ගේ පියා වන ඇන්තනී හැමිල්ටන් වමේ, හැමිල්ටන්ගේ සුළු මව ලින්ඩා වමේ සිට දෙවැනියා, හැමිල්ටන්ගේ වැදූ මව කාමෙන් වමේ සිට තෙවැනියා, ලුවිස් හැමිල්ටන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

