ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
මේ අනුව මෙම සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.