මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
නිෂ්පාදන පිරිවැය මත මෙම මිල ඉහල දැමීම සිදුවීම නිසා ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් බදු වැඩි කිරීමෙන් මිල වැඩි කලේනම් පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවත් ඔහු සදහන් කරයි.
මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් සහ බියර් වර්ග 15%කින් සහ 40%කින් මිල වැඩි කර ඇති අතර මෙම මත්පැන් නිෂ්පාදන සමාගම් මිල වැඩිකල ආකාරය සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කල යුතු බවද ඔහු පැවසීය.
