මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (15දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ඔහු සමග මුදල් අමාත්‍යාංශයේ ආටිගල මහතා සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් අද පස්වරු 02.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට අදාළව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම ඉන්දීය සිදුවෙයි.
ටී.කේ.ජී. කපිල