රුපියල පා කිරීමට ගත් තීරණයත් සමග මෙරට ප්රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහළ දමා තිබේ.
ඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක්ව පැවැතුණි. පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 260ක් විය. ඒ අනුව ඊයේ හා අද දිනයේදී ඩොලරයේ අගය රුපියල් 15කින් වර්ධනය වී තිබේ.