යුක්රේනය සමග යුද්ධ කිරීම සඳහා අවශ්‍ය සම්පත් රැසියාවට හිඟ වීම හේතුවෙන් මැයි මස මුලදී යුද්ධය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්රේන රජයේ උපදේශකයෙක් පවසයි.
යුක්රේන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ උපදේශකයෙකු වන ඔලෙක්සි අරෙස්ටොවිච් මේ බව සඳහන් කර තිබේ.
“අපි සාම ගිවිසුමක් ඇති කර ගත යුතු යැයි මම හිතනවා.” යැයි ඔහු පවසයි. ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි ප්‍රතිඵල දෙකක් ඔහු පෙන්වා දුන්නේය.
“එක්කෝ සතියක් දෙකක් ඇතුළත හමුදාව ඉවත් කර ගැනීම හෝ සාම ගිවිසුමක් ඉතා ඉක්මනින් ඇති වනු ඇත” යැයි ඔහු පවසයි. මෙය අප්‍රේල් මාසය තුළදී සිදුවෙනු ඇතැයි ඔලෙක්සි විශ්වාස කරයි.
