ඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව, ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (15දා) තෙල් සංස්ථා බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් අද (15දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඩීසල් මිල, අමතර කොටස් මිල හා ලිහිසි තෙල් මිල ඉහළ යාම හේතුවෙන් 60%කින් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන ලෙස ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටි බවත්, ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් එම සංගමයේ සමලේකම් ඩී.වී.එස්. සිල්වා මහතා පැවසීය.
මේ අනුව 60%ක ගාස්තු වැඩිවීමක් ලබා දෙන තෙක් ඉන්ධන ප්‍රවාහනය නොකරන බව ද ඔහු සඳහන් කලේය.
ඉන්දික හේවාවිතාරණ