දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදව මෙරට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා සඳහා මින් ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
ඊයේ (14) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේදී ආයෝජන මණ්ඩල සභාපතිවරයා ඇතුළු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් පිරිසක් සමග සිදුකල සාකච්ඡාවකදි අමාත්‍යවරය මේ බව සඳහන් කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව තුල ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ වෙළඳ කලාප 14ක් පමණ පවතින බවත් දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් එම කර්මාන්ත ශාලා බොහොමයක මේ වනවිට වැඩකටයුතු අඩාලව ඇති හේතුවෙන් ආයෝජකයන් පැමිනීමට අඩාල වීමේ අවධානමක් මතුව ඇති බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් විසින් අමාත්‍යවරිය දැනුවත් කර ඇත.
මෙම ආයෝජන අහිමිවුවහොත් වාර්ශිකව ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 08ක පමණ අපනයන ආධායමක් මෙරටට අහිමි වී යා හැකි බවත් මේ හේතුව මත කර්මාන්ත ශාලා වැසීයාමෙන් දේශීය ශ්‍රමිකයන් ලක්ෂ 05කට ආසන්න ප්‍රමාණයකට සෘජු රැකියා අහිමි වීමේ අවධානමක්ද පවතින බව මෙහිදි ඔවුන් අමාත්‍යවරිය දැනුවත් කර තිබේ.
මෙම කරුණු සලකා බැලූ විදුලිබල අමාත්‍යවරිය විසින් රට තුල පවතින වියලි කාළගුණික තත්ත්වය සහ ඉන්ධන හිඟය හේතුවෙන් සිදුකරනු ලබන විදුලි කප්පාදුව මින් ඉදිරියට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් වෙළඳ කළාප තුල ස්ථාපිත කර්මාන්ත ශාලා සඳහා සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.