ජනතාව පෝලිම්වල දුක් විදින්නේ මිනිසෙක් ඇති කළ අර්බුදයක් නිසා බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන් පිල මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ 2021 වසරේදී ශ්‍රී ලංකාව ආනයනය සඳහා ඩොලර් බිලියන 20.6ක් වැය කර ඇති බවයි.
ඒ අතරින් ඛනිජ තෙල්, ගෑස්, ගල් අඟුරු සහ ඖෂධ සඳහා වැය කර ඇත්තේ ඩොලර් බිලියන 4.6 ක් පමණක් බවත් මීට පෙර ඉල්ලීම් කළ ආකාරයෙන් රජය අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම වසරකට පෙර සීමා කළා නම් වර්තමානයේ මිනිස්සු පෝලිම්වල දුක් නොවිදින බවයි.