බොරැල්ල සියලු සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල වට මාවතේ විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.
හිරිපිටිය, පස්යාල,මිගමුව හා තලවතුගොඩ මංසන්ධිවල පවතින අධික රථවාහන තදබදයට විසදුම් ලෙස ගුවන් පාලම් 04ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල - රත්මලාන සිට ජාත්‍යන්තර ගුවන් ගමන් මෙම 29 දා ආරම්භ කරන බව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය. විශේෂයෙන් දකුණු ඉන්දියාව, මාලේ වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය.
Read Moreරජයේ නිල නිවාස වල පදිංචිව සිටි හිඟ ජලබිල්පත් ඇති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ එම හිඟ ජලබිල්පත්ද අයකර ගැනීමට මේ වන විට කටයුතු කර ගෙන යන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන් යානා වල රේඛීය නඩත්තු ( Line Maintenance ) කටයුතු සිදු කිරීමට දේශීය පෞද්ගලික ගුවන් යානා නඩත්තු සමාගමක් වන සිලෝන් එරෝනොටිකල් සර්විස් (Ceylon Aeronautical Services) පුද්ගලික සමාගම වෙත ලබා දීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreශ්‍රි ලංකාව හා චීනය අතර අත්සන් කළ රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිිලියනයක් පරිත්‍යාග කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreපානදුර රාජකීය විදුහලේ ප්‍රධාන ආරක්ෂක නියාමකවරයාගේ සිරුර විදුහලේ ගණිතාගාර ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද (19දා) උදෑසන හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව මේ දක්වා ආනයනය කර ඇත්තේ ඔක්ටේන් 92 හා 95 තෙල් බවත් ඔක්ටේන් 91 තෙල් ආනයනය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමහ බැංකුව ඩොලර් ලබාදීම හේතුවෙන් නැව් දෙකක ඉන්ධන ගොඩබෑමට හැකිවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreමේ මස 27වැනිදා පිරිපහදුව නැවත විවෘත කරන බවට තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ සිදුකළද, සිංගප්පුරු සමාගමෙන් ඇනවුම් කර තිබෙන බොරතෙල් තොග නැවට පැටවීමවත් මෙතෙක් කටයුතු ආරම්භ කර නොමැති බවත්, මේ නිසා නියමිත දිනට පිරිපහදුව ආරම්භ කිරීමට නොහැකි වන බවත් තෙල් විදුලි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය සඳහන් කරයි
Read Moreජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග එම අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ජනපති ලේකම් ලෙස පත්වීම් ලබා තිබේ. ඔහු අද (19දා) සිය ධුරයේ රාජජකාරී ආරම්භ කිරීමට නියමිතය.
Read Moreඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව අද දිනයේදීද ඇතැම් ප්‍ර දේශවලට විදුලිය කප්පාදුවක් සිදුවීමට ඉඩ තිබේ.
Read Moreතෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තවත් දින 10කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 50000ක් පමණ ගබඩාවල පවතින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනයක් තබමින් පවසයි.
Read Moreවැඩිවන ආසාදන නොතකා, පසුගිය සතියේ ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් බටහිර බෙංගාලයේ සහ උත්තර් ප්‍රදේශ් හි ගංගා ගං ඉවුරේදී මාකාර් සංක්‍රාන්ති උත්සවය සැමරීම සඳහා ශුද්ධ වූ ස්නානය වෙනුවෙන් එක්රැස් වූහ. මෙම වන්දනාකරුවන්ට ආසාදනය වී වෛරසය රටේ විවිධ ප්‍රදේශවල ඔවුන්ගේ නගර සහ ගම්වලට ගෙන යා හැකි බවට මෙම සිදුවීම කනස්සල්ලට පත්ව ඇත.
Read Moreදිවා - රාත්‍රි තරගයක් ලෙසින් මෙම තරගය පල්ලෙකැලේ පිටියේදී පැවැත්විණි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාවේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ට ලකුණු 302ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවා 50කදී කඩුුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 280ක් පමණි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට හදීසියේම නින්දෙන් අවිදි වෙලා මෙන් ආණ්ඩුව විවේචනය කරන බවත් ආණ්ඩුවේ සිටම එතුමන් විපක්ෂයේ බලා පොරොත්තු ඉටු කරමින් සිටින බව දක්නට ලැබෙන බව ද සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreඅඟහරුවාදා වනවිට එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 ආසාදිතයන් 66,000,000කට වඩා වාර්තා වී ඇති අතර, එය එක්සත් ජනපද ජනගහනයෙන් පහෙන් එකක් පමණ වේ.
Read Moreශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේි දක්ෂ කිර්තිමත් ගුවන් හමුදාපතිවරයෙකු වු එයාර් චීෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 2022 ජනවාරි මස 18 වන දින අභාවප්‍රාප්ත වු අතර අවසන් ගෞරව දැක්විම සඳහා දේහය ගල්කිස්ස ප‍්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.දේහය පිළිබද අවසන් කටයුතු 2022 ජනවාරි මස 19 වන දින පස්වරු 02.00 ට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පුර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 900ක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දීමට එකඟ වී ඇති අතර , ඉන්දීය ඔයිල් සමාගම විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වේ.
Read Moreමෙට්සෝලාගේ තේරී පත්වීම යන්නෙන් අදහස් වන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සභාපති, යුරෝපීය කොමිසමේ සභාපති (උර්සුලා වොන් ඩර් ලේන්) සහ යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා (ක්‍රිස්ටීන් ලගාඩ්) යන තිදෙනාම පළමු වැනි වතාවට කාන්තාවන් වීමය.
Read Moreඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
Read Moreබ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අමතරව, මැන්ගෝ දූපතේ 65 හැවිරිදි කාන්තාවක් සහ නොමුකා දූපතේ 49 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බව අගමැති කාර්යාලය නිකුත් කළ එම ප්‍රකාශය තහවුරු කළේය. එසේම තුවාලකරුවන් රැසක් වාර්තා කර ඇත.
Read Moreශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreයුක්රේනය සම්බන්ධයෙන් නැගෙනහිර සහ බටහිර අතර උග්‍රවන ආතතීන් මධ්‍යයේ ඒකාබද්ධ අභ්‍යාස සඳහා රුසියානු හමුදා සහ යුද මෙවලම් බෙලරුසියාවට පැමිණීමට පටන් ගෙන ඇති බව සඳහන් වෙයි.
Read Moreත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර තිබේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුට හිමිව තිබූ ආණ්ඩු පක්ෂයේ 29වැනි ආසනයේ සිට 71වැනි ආසනය දක්වා අසුන් කිහිපයන් පිටුපසට දමා ඇත.
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ ’’ලාරා ’’ නැමති සිංහ ධේනුව බිහිකළ පළමු සිංහ පැටවා වන ’’ඩෝරා’’ නමැති සිංහ පැටවා අද (18දා) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
Read Moreකොළඹ වරාය නගරය නැරඹීම සඳහා පුද්ගලයින් 89,540 දෙනෙක් ගත වු දින අට තුළ පැමිණ ඇතැයි වාර්තා වේ.
Read Moreවිදුලිය නිපදවීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොලැබීම වෙනුවෙන් අද (18දා) සිට විදුලි කප්පාදුවක් සිදුවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read More