තෙල් මිලදී ගැනිමට ලංකාව රුසියාව පැත්තට හැරෙයි
ආනයන වියදම් අඩු මට්ටමක තබා ගැනීම වෙනුවෙන් කරන වැඩපිළිවෙල යටතේ නැවුම් ලංසුවකින් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව සොයා බලමින් සිටින අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) යෝජනාවක් මත මෙම මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය රුසියාවට පනවා ඇති සම්බාධක පිළිබඳව සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් උපදෙස් ලබාගෙන ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ සන්ඩේ ටයිම්ස් වෙත තහවුරු කර ඇත්තේ ඒ පිලිබඳව මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි.
රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් හේතුවෙන් ඇතැම් රටවලට රුසියාවේ අපනයනය අඩු වී ඇති බැවින් අඩු මිලට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමුව තිබේ.
භාණ්ඩාගාර නිලධාරියෙකු සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත්තේ විදේශ අමාත්‍යාංශයේ නිෂ්කාශනය ලැබීමෙන් පසුව පමණක් මෙම යෝජනාව ඉදිරියට ගෙන යන බවයි. ඉන්ධන ආනයන බිල්පත් ගෙවීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම දුෂ්කරතාවන්ට මුහුණ දීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
popular news
-
Kumar Sunday, 01 May 2022 01:59 PM
europaye samahara ratawal thawama rusiyaven indhana gannawa. lankawata ena rusiyan suncharakayin dena roobul thibenewarney. indhana ganna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

