දේශපාලන සූදුවලට එක්වන ලෙසට තමන්ට තර්ජනය නොකරන ලෙසත් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ජනඅරගලයට එක්වීමට හෝ තමන් සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය.
දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස ගුණ සමරුවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"ගෝල්ෆේස් විරුවන්ගේ ප්‍රාර්ථනාවන් මොන ආකාරයෙන්වත් විවෘත කරන්නේ නැතිව එතුමන්ලාගේ පැතුම ඉෂ්ඨ කරන්න අපි සැදී පැහැදී සිටිනවා.
මොන වරදානයක්, මොන තාන්න මාන්න දුන්නත් අපි ඒවට රැවටෙන්නේ නෑ. ප්‍රතිපත්තිගරුකව අපි සූදානම් බලය අත්හරින්න.
හැබැයි මම එකක් කියනවා මේ පිළිරුව ළඟ සිටගෙන. මගේ පියාණන්ව මට ජීවමානව පේනවා. ඔය අන්තර්වාර දූෂිත ආණ්ඩුවලට අපි කිසිම දවසක සූදානම් නෑ.
ජනතාව එවිට අපිව ප්‍රතික්ෂේප කළොත් අපි සූදානම් ජනතාව කියන මතයේ සිටින්න. මේ ජනපති, අගමැති, විපක්ෂනායක තනතුරු සතේකට වටින්නේ නෑ ලක්ෂ 220ක ජනතාව දුක්විදිනවානම්.
මොන ජනාධිපතිකම්ද? මොන අගමැතිකම්ද, මොන විහිලුද? මොන විපක්ෂනායකකම්ද අසන්නෝ හොඳින් අහන්න, තොප්පිය දාගන්න ඕන අය තොප්පිය දාගන්න.
එක එක දේශපාලන සූදුවලට එන්න මට තර්ජනය කරන්න එපා. තර්ජනවලට මම බය නෑ. දේශපාලනයෙන් විශ්‍රාම යන්නත් මම බය වෙන්නේ නෑ. හැමොම හොඳට අහගන්න. හැබැයි මේ තියෙන දේවල් ඔක්කොම අත්හැරලා මම සූදානම් සිවිල් පුරවැසියෙක් ලෙස ජන අරගලයට යන්න."
