ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. ඒ අනුව නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ පහත පරිදිය.
01 ග්‍රාමීය ඉන්ධන ගබඩා වෙත ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් සිදුකිරීම සියයට 40 සිට සියයට 100ක් දක්වා ඉහළ නැංවීම.
02 නව බලපත්‍ර ලබාදීම මාසයක කාලයක සිට සතියක කාලයක් දක්වා අඩු කිරීම
03 ඉන්ධන හල් හිමියන්ට අයිති බවුසර් වෙත ඉන්ධන ලබාදිම සඳහා වෙනමම මාර් ගයක්
04 ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන ප්‍රවාහන කරුවන්ගේ බලපත්‍ර අහෝසි කිරීම හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම සේවයට වාර්ත කරන අයට බලපෑම් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම
05 රජයට අයිති බවුසර මගින් කරන මෙහෙයුම් වර්ධනය කිරීම
06 ඉල්ලුම් කළමණාකරනය කිරීම වෙනුවෙන් පැය 24 පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම