කෙටි කාලයක් තුළ ආසියාවේ පිබිදුන පක්ෂයක් ලෙස ශ්රී ලංකා පොදු ජන පෙරමුණ අද වන විට වලපල්ලට ගොස් ඇත්තතේ එහි නායකයින්ගේ වරදින් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නාඋල ප්රාදේශිය සභා මන්ත්රි සංජය සේනාරත්න මහතා කියයි.
හැට නව ලක්ෂයක් බලය ලබාදී බිහිකල පොහොට්ටු පක්ෂයට අද වන විට ලක්ෂ නවයක හෝ ජන වරමන් නොමැති තත්ත්වයට පත්වී ඇති බවද හෙතෙම කියා සිටියේය.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ගේ උද්දච්ඡ කමේ ප්රතිඵලයක් ලෙස මේ වන විට ගමේ ඡන්ද දායකයා දැඩි කලකිරිමට ලක්වී ඇති බව ද සංජය සේනාරත්න මහතා කියා සිටියේය.
හෙතෙම මෙම අදහස් පල කළේ පසුගිය දා (29) නාඋල ප්රාදේශිය සභා මාසික රැස්වීම අමතමිනි.
එම අවස්ථාවේ දී ශ්රී ලංකා පොදු ජන පෙරමුණු ප්රාදේශිය සභා මන්ත්රි සංජය සේනාරත්න මහතා මෙසේද කීය.
‘ගම මැද පාර කාපට් කරලා සභාපති තුමණි පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු බඩගින්නේ ඉන්නවා නම් ඒ සංවර්ධනේ වැඩක් නැහැ. මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරලා හොද අනාගතයක්.
නුගේගොඩ රැළියේ ඉදන් අපි සම්බන්ධවුනා මේ පක්ෂය ගොඩනගන්න. නමුත් නායකයෝ කලගුණ දන්නේ නැ. මේ දැවැන්ත පක්ෂය හදන්න මුලික වෙච්ච දෙන්නගේ ඇමතිකම් අයින් කලා. අන්තිමට දිට්ඨධම්මවේදනීය කර්මය පලදුන්නා ඇමතිවරු ඔක්කොටම අයින් වෙන්න සිද්ධවුනා.
මේ හැම ප්රශ්නයකදීම ප්රාදේශිය සභා මන්ත්රිවරයා තමයි අපහසුතාවට ලක්වෙන්නේ අද මළගෙදරක ගිහින් වැඩි වෙලා ඉන්න බැ. මම මළ ගෙදරක් වුනොත් හයට විතර යනවා මිනිස්සු එකා දෙන්නා එනකොට මම ආපහු එනවා. එහෙම තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ අපේ උඩින් තමයි මේක අරින්න හදන්නේ.
ඒ නිසා මම ඉල්ලිමක් කරනවා මන්ත්රිවරුන්ට ගම්වල සංවිධාන කරන අවුරුදු උත්සව වලට එහෙම සහභාගී වෙන්න එපා. මොකද පහුගිය අවුරුදු උත්සව වල මන්ත්රිතුමාලා ගෙනල්ලා තමයි තෑගී බෝග එහෙම දුන්නේ. මේ පාර මිනිස්සු මන්ත්රිවරුන්ට තෑගි දෙන්න බලාගෙන ඉන්නවා ඒ හින්දා ගම හරහා තමයි දුවන්න වෙන්නේ මන්ත්රිවරුන්ට.” යැයි ද කියා සිටියේය.
නාවුල ඉන්දික