ඉන්ධන හල් වෙත හා ගබඩා වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ඉන්ධන නිකුත් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
ඒ අනුව ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 හා භූමිතෙල් ප්‍රමාණවත් පරිදි නික්ත් කළ බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් සීමිත බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
ඉන්ධන ප්‍රවාහනය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති සියලුම සැපයුම්කරුවන් ලියාපදිංදි කරන ලෙසත් සේවයට වාර්තා නොකරන සැපයුම්කරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන ලෙසත් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට උපදෙස් දුන් බවද ඔහු පැවැසීය.
එසේම වර්ජන අවස්ථාවේදී දුම්රිය, රජයට අයත් ඉන්ධන බවුසර්, ඉන්ධන හල්වලට ඇයිති බවුසර හා පෞද්ගලික කුලී බවුසර් වර්ජනයට එක්ව නොමැති බවත් ඔහු පැවැසීය.
අද පස්වරුවන වන විට ඉන්ධන බවුසර් 381ක් හරහා ඉන්ධන බෙදා හැරීම සිදුකළ බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.