ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දරන්න අවශ්‍යතාවයක් නොමැති නිසා රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට ලංකා කම්කරු කොන්ග්රසය තිරණය කල බව පක්ෂ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (01) දිනට යෙදි ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින සැමරුම් උත්සවයක් එම පක්ෂයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ පැවති රැළිය අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ
“අපිත් ඔබත් මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පුර්ණ විශ්වාසයක් තබලා තමයි කටයුතු කරේ.
නමුත් එම විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන්ම බිද වැටිලා තියෙද්දි අපි කොහොමද රජයට සහයෝගය දක්වන්නේ?
වරදක් කරාම එයට සමාව ලබාදෙන්න පුළුවන් , එම වරදම අවස්තා කිහිපයකදි සිදු කරනවා නම් එවාට සමාව දෙන්නේ කොහොමද?
වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිම වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්රසය ගත වු වසර කිහිපය තුල කටයුතු කරලා තියෙනවා.
වතුකරය වෙනුවෙන් කොටගල ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක් ඉදි කරන්න මම ජනාධිපතිතුමාගෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලුවා , එම ඉඩම ලබාදෙන්න ජනාධිපතිවරයා අපට සහයෝගය ලබාදුන්නේ නැ.
අද රටේ සමස්ත ජනතාව වගේම වතුකරයේ ජනතාවත් දැඩි ලෙස පිඩාවට පත් වෙලා ඉන්නවා , එහෙම පිඩාවට පත් වෙලා ඉන්න අවස්තාවක මම තනතුරු ගැන නොසිතා ඔබ ගැන පමණක් සිතා තනතුරුවලින් සහ රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට තිරණය කලා.
අද සමහරුන් අපිට විවේචනය කරනවා , අපි මේ රජය පත් කරන්න කටයුතු කරපු අය කියලා.
විවේචන කර කර ඉදලා වැඩක් නැ , අපි සියළු දෙනා එකට එකතු වෙලා කටයුතු කලොත් තමයි වතුකරයේ ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදෙන්න පුළුවන්.”
