LITRO ගෑස් සමාගම තායිලන්තයෙන් LP ගෑස් මිලදී ගැනීමට අදහස් කරන බව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්පැ ඩේලි මිරර් පුවත් සේවය වෙත පවසා තිබේ.
සමාගම තායිලන්තයෙන් වසරකට ගෑස් මෙට්‍රික් ටොන් 300,000ක් මිලදී ගැනීමට නියමිත බව ඔහු පැවසීය.
තායිලන්තයෙන් ගෑස් මිලදී ගැනීමේ පිරිවැය මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 95 ක් වෙයි. සමාගම මීට පෙර ඕමානයෙන් ගෑස් මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 105 ක මිලකටය.
තායිලන්තයෙන් ගෑස් මිලදී ගැනීමත් සමඟ මෙට්‍රික් ටොන් එකකින් ඇමෙරිකානු ඩොලර් 10ක ලාභයක් ලැබෙයි.
තායිලන්තයෙන් ඇනවුම් කර ඇති පළමු ගෑස් තොගය ලබන මාසයේදී දිවයිනට පැමිණෙනු ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.