saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 6039 hours ago

LATEST

ගම්පහ කොවිඩ් නැගිටීමක්

calendar_today 2021 දෙසැ 22 - 12:11 remove_red_eye - 1704  

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 289 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 93 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මේ අනුව දෙවන වරටත් කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වීම හේතුවෙන් එහි සභාපති ධුරය අහිමි වී ඇති අතර නව සභාපතිවරයෙකු දින 14 ක් ඇතුළත පත්කොට 2022 නව වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

Read More

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී මාර්ගයේ අයිනෙන් නවතා තිබූ ලොරි රථයක ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව මාත්‍රා තුනම ලබාගත් පිරිස ලක්ෂ 28 ඉක්මවා තිබේ.

Read More

මෙම ගොඩනැගිල්ලේ කාන්තා නේවාසිකාගාරයක්ද ඇති අතර අයට අනවසරයේ ඇතුළුවීමට පැමිණි මෙම පුදුගලයා එහි ආරක්ෂක නිලධාරිනිය දැක පලා යාමට උත්සාහ කිරීමේදී මෙසේ ගොඩනැගිල්ලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙවර එල්.පී.එල්. තරඟාවලියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ජැෆ්නා කණ්ඩායම රැස්කළ ලකුණු 210 වන අතර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සමත්විය.

Read More

HIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ (PrEP) ප්‍රථම එන්නත් ප්‍රතිකාරයට අනුමැතිය ලබා දී තිබේ.

Read More

උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිද ඉහළ යෑම් හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

පාකිස්තානය දෙකඩ කර බංග්ලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් 1971දී නිර්මාණය කිරීම සඳහා ලෝකයේ ප්‍රධාන ඔත්තු සේවාවන් සැලකිය යුතු කර්යභාරයක් කරනු ලැබීය. ඒ අතරින් සෝවියට් සංගමයේ ප්‍රධාන ඔත්තු සේවාව වූ කේ.ජී.බී., ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ., පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය නමින් හැඳින්වෙන රෝ නමින් ප්‍රසිද්ධ ඉන්දියාවේ ප්‍රධාන ඔත්තු සේවය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. කළ කටයුතු ගැන විමසීම මෙම සිදුවීමේ ඇත්ත හඳුනාගැනීම සඳහා

Read More

රුසියාවට හිතවත් නොවන පියවරවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව පැවසූ පූටින්, එසේ කිරීමට ඔවුන්ට සෑම අයිතියක්ම ඇති බව අවධාරණය කළේය.

Read More

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත්බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.

Read More

තෙල් අවශ්‍යම මිනිස්සුන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙන කූපන් ක්‍රමයක් ලබා දිය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

විශේෂ කිමිඳුම් තටාකයක ඔවුන් දැක්වූ නර්තනයන් සහ චලනයන් මෙන්ම, ඔවුන්ගේ සුවිශේෂී දියකිඳුරු ඇඳුමද මෙහිදී ඇගයීමට ලක්විය.

Read More

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කළේය.

Read More

මැඩගස්කරයේ ඇමතිවරයෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් දිවයිනේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කඩා වැටීමෙන් පසු පැය 12ක් පමණ පිහිනා ගොස් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගත් දෙදෙනා අතර එම අමාත්‍යවරයාද වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

ආනයන සහ අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහල නැංවීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නත්තල් සමයේදී සාම්ප්‍රදායික වයින් පානයන් සහ නත්තල් කෑම මෙස වෙනුවෙන් ගනුදෙනුකරුවන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, මෙම ස්ථාන එම කාලය තුළ අතිශය කාර්යබහුල වෙයි.

Read More

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින කාලයේ දී ලංකාව ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කලා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සඳහන් කරයි

Read More

ඉන්ධන මිල වැඩිවිම හමුවේ එලවළු කිලෝවක මිල පවතින මිලට වඩා රු 10 කින් පමණ ඉහල යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වී තිබේ.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් ගතවූ වසර දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 14ක ආදායමක් ශ්‍රී ලංකාවට අහිමිවූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

එකක් තමයි මේ පොහොර පිළිබඳ ප‍්‍රශ්නය. පොහොර පිළිබඳ ප‍්‍රශ්නය තරමක් දුරට අපි හදාගත්ත ප‍්‍රශ්නයක්. ඒක අපි හදාගත්තේ අපේ අරමුණ කුමක්ද කියලා හරියට වටහා ගන්නේ නැතිව ඒක වැරදි ආකාරයට කි‍්‍රයාත්මක කිරීම නිසා.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේදැයි තමන්ට පිළිතුරු ලබාදිය නොහැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

Read More

ඉන්ධන මිල වැඩිකිරීම හරහා බලපෑමට ලක්වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද මිග් 27 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 659 638ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

Read More

ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව බස් ගාස්තු ඇතුළු කුලී රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි. බස් රථ හිමියන් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය අලාභයක් නොමැතිව පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.