විදුලිය, ඉන්ධන හා සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව,
විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්
ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ඊයේ (03දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
