තමන් ප්‍රංශයට ගිය ගමන වැරදි ලෙස වටහාගෙන තිබුණ බවත් යුරෝපයේ කිසිම රටක සිට රුසියාවට ගුවන් මගින් ගමන් කිරීමට බවත් රුසියාවේ සිටද යුරෝපයේ කිසිම රටකට පැමිණීමට අවස්තාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා රුසියා - පාර්ලිමේන්තු මිත්‍රත්ත්ව සංගමයේ සභාපති ලෙස රුසියාව හා ශ්‍රී ලංකාව ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ගැනීම වෙනුවෙන් තමන් ඉදිරියේදී රුසියාවේ සංචාරයකට නිරත වීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
ඒසේම රුසියාවේ ඒරෝෆ්ලොට් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු කාරී තත්ත්වය හෙට දිනයේදි එම නඩුව උසාවියේදි ගැනීමෙන් පසුව නඩුව අවසන් වෙනු ඇති බවත් ඔහු පැවැසිය.
මිත්‍රත්වය නැවත අලුත් වීමෙන් පසුව ඉදිරියේදී බලශක්තිය, පොහොර ඇතුළු ගැටලු පිළිබඳව රුසියාව සමග සාකච්ඡා කිරීමට හැකි වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
තමන් රුසියාවට යන්නේ තෙල් රැගෙන ඒ්මට නොවන බවත් මිත්‍රත්වය යාවත්කාලීන කිරීමට බවත් ඔහු පැවැසීය.