ශ්‍රී ලංකාවට සහය දෙනවා යැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (04දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසු වේ. තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් පිරිනැමිණි. මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පැවසීය.
නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි මහතා සඳහන් කරනු ලැබීය.
දෙරට අතර 75වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව පැසසුමට ලක් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

